සිරිකොතේ අලියට වෙඩි තැබූ කොස්තාපල් අංගොඩ යවා මානසික වාර්තාවක් කැඳවයි

පිටකෝට්ටේ ප්‍රදේශයේ රාජකාරියක් සඳහා ගිනි අවියක් රැගෙන පා ගමනින් යන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ අලියා සහිත ලාංඡනය දුටු බවත් අලියාගේ ඇහැට වෙඩි තබා මැයි පළමුවෙනිදා
වෙනසක් කළ යුතු යයි සිතුණ නිසා
එම ලාංඡනයට වෙඩි තැබූ බවත්
පසුගියදා අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල් එස්. ඒ. සුමිත් ජයවීර අධිකරනයේදී ප්‍රකාශ කර තිබේ.
මේ පොලිස් කොස්තාවල්වරයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසද මොහු පොලිස් නිලධාරියකු බව සලකා ඔහුව විශේෂිත වූ ස්ථානයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසටද බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයෙන් නියම වූ අතර මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (02දා) නියෝග කළේය.

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සිරිකොත එජාප කාර්යාලය තුළ තිබෙන රන් පැහැති අලියාගේ රූපයට වෙඩි තැබීම නිසා පසුගියදා අත්අඩංගුවට පත් විය.
 කොස්තාපල්වරයා සිදුකළ මේ වෙඩි ප්‍රහාර දෙක හේතුවෙන් එම පක්ෂ මූලස්ථානයේ අලියා සහිත පිත්තල ලාංඡනය ආවරණය කර තිබූ වීදුරුවලට අලාභහානි සිදුව ඇති අතර යම් හෙයකින් මේ සිද්ධිය එම අවස්ථාවේ පෙළපාළියේ ගමන් ගනිමින් සිටි පිරිස් සිටියේ නම් නොසන්සුන්කාරී තත්ත්වයක් උදාවීමට ඉඩ තිබූ බව දක්වමින් ඔහුව අල්ලා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.කොස්තාපල්වරයාගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment