මියන්මාර් සරණාගතයෝ ලංකාවට ඇවිත් මිරිහානේ පදිංචි වෙති

මියන්මාර් රජයේ අනුග්‍රහය සහිත හමුදාව
විසින් මුස්ලිම්වරුන් දහස් ගණනින් ඝාතනයට, හිංසාවට සහ ස්ත්‍රී දුෂණයට  ගොදුරු කරගැනීම නිසා ලක්ෂයකට අධික පිරිස් මියන්මාරය හැර පලා එමින් සිටින අතර ඉන්දියාවේ සිව් වසරක් කල් ගතකොට සහනයක් නොලද තැන යාත්‍රාවක නැගී ශ්‍රී ලංකාවට පලා ආ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිසක්
මැයි දිනයදා නාවික හමුදාව විසින් කන්කසන්තුරේ බද මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබෙන අතර දැනට මිරිහානේ සංක්‍රමණික කඳවුර වෙත යවා තිබේ.අත දරුවන් දෙදෙනකු ඇතුළු ළමුන් 16 දෙනකු සහ කාන්තාවන් හත් දෙනකු ඇතුළු
රොහින්ග්‍යා වරුන් 30ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනකුද මෙම පිරිස අතර විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment