වැල්ලවත්ත ගොඩනැගිලි කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මරුට


අද පෙරවරුවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක  කොටසක් කඩාවැටීමේ සිද්ධියෙන් 22 දෙනෙකු රෝහල් ගත කර තිබියදී සුන්බුන් අතර කෑගසමින් සිටි
පුද්ගලයෙකු සන්ධ්‍යා කාලයේදී
බේරාගනු ලැබූයෙව් බරපතල තුවාල සහිතවය.
ඔහු ජාතික රෝහලට ඇතුළත් කර පැය කිහිපයකට පසු මියගිය බව රෝහල් ආරංචි සඳහන් කරයි.තුවාල ලැබු 14 දෙනෙකු දකුණු කොළඹ කළුබෝවිල රෝහලේද 8 දෙනෙකු ජාතික රෝහලේද ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට ඇත්තේ සුළු තුවාලයි.
මෙම ගොඩනැගිල්ලේ කඩාවැටුණ කොටස් අතර තවත් අය සිටින බව වාර්තාවේ.
 මේ වන විටත් ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.
මෙම ගොඩනැගිල්ල  සඳහා අනුමැතිය ලැබී ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන බව ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරන අතර එය මහල් පහක් දක්වා ඉදිකිරීම සිදුකර ඇත්තේ නීතියට පටහැණිව බවට වාර්තා වෙයි.
ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් භූමියේ ස්වභාවය ද බලපාන්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාව පිළිබද මහාචාර්ය අතුල සේනාරත්න දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment