ඉවරයක් නැතිව ෆෝන් එකෙන් මල් කඩනවා කියා සැමියා බිරියගේ බෙල්ල කපා මරලා


නිතරම ජංගම දුරකතනයෙන් පිටස්තරයෙකු හා කථා කරමින් සිටින නිසා ඇතිවූ කෝපය පාලනය කරගත නොහැකිව බිරියගේ බෙල්ල කපා මරා දැමූ සැමියෙකු ගැන පුවතක් ගම්පොළින් වාර්තාවේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි  උයන්වත්තේ ගුරුදෙණියේ ගෙදර සුනේත්‍රා කුමාරි අයිරාංගනී අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි  දෙදරු මවකි.
අදාළ කාන්තාව තම පුතු සහභාගී වන කරාටේ තරඟාවලියක් නැරඹීමට ගොස් ඇති අතර  ඇගේ ජංගම දුරකථනයට එම අවස්ථාවේ සැමියා කථා කරද්දී සුපුරුදු ලෙස ඇයට තවත් ඇමතුමක සිටි නිසා පැය ගණනක් යනතුරු පණිවිඩය දෙන්නට බැරිව ගොස් තිබේ.
ඇයගේ අනියම් සම්බන්ධයක් ගැන පසුගිය දිනවල
ආරවුල්ද පැවතී තිබෙන අතර ඇය එම ඇමතුමේ සිටින්නේ අදාළ සම්බන්ධය පවත්වන පුද්ගලයා සමග බව සැමියා සැකකර ඇත.
ඇතිවූ කෝපය සමග තියුණු ආයුධයක් රැගෙන අදාළ කරාටේ තරගය පැවති ස්ථානය වෙත සැමියා පැමිණ ඇති අතර එම අවස්ථාවේත් ඇය මුකුළු කරමින් දුරකථනයේ දිගටම රැඳී සිට ඇත්තේ තරගයද නොබලමින් වැසිකිලියක් අසළ තාප්පයකට මුවාවීගෙනය. සැමියා එතැනට එනතුරු ඇය දැන සිට නැත.
එම අස්ථාවේ ඇය වෙත පැමිණි සැමියා කෝපය ඉහවහා ගොස් පිහියෙන් ඇන ඇය මරා දමා ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.
සිද්ධිය දුටු පිරිසක් එම ස්ථානයට පැමිණ තුවාල ලද කාන්තාව ගම්පොළ රෝහලට රැගෙන ගියද ඇය පෙරේදා (07දා) සවස මිය ගොස් තිබේ.
සැකකරු එම ස්ථානයේ සිටියදී ගම්පොළ පොලිසිය අත්අඩංගුවට ගෙන විසිකර තිබූ පිහියද සොයාගෙන තිබිණි.
මියගිය කාන්තාවගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගම්පොළ මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ ඊයේ (08දා) එම ස්ථානයේ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වන ලදී.
කරාටේ තරගාවලියට සහභාගි වූ මියගිය කාන්තාවගේ පුතා එදින අවන් අයට පහරදී  රන් පදක්කම් 2ක් දිනා ඇති නමුත් ඔහුට එම සතුට සමරන්නට හැකියාවක් නොවීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment