අද කොළඹ නගරයේ විශේෂ රථවාහන මන්තීරු පොලිස් මෙහෙයුමක්


කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම
දියත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් ලබා දෙන බවත් එම වාහනවල සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරන බවය.
එම සංචාරයේ දී මාර්ග නීති සහ මංතීරු නීති කඩකරන වාහන දුටුවහොත් ගමන් කථන මගින් කොළඹ පාලකස්ථානයට සහ ඉදිරියේ රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී රථවාහන නඩු ලබා ගැනීමට සැලසුම් කර ඇත.
එම ලබාගැන්නා රථවාහන නඩුවේ සාක්ෂිකරුවන් ලෙස රථවාහන නඩු ලබා ගත් නිලධාරියා සහ මාර්ග නීති හෝ මංතීරු නීති කඩකරන බවට දුටු සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියා නම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
එසේම දඩපත් දීමට හැකි වරදවල් සදහා දඩපත් නිකුත් කිරීම සහ අනෙකුත් වැරදි සදහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත.
කොළඹ නගරයේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ඉදිරියේ දී දීපව්‍යාප්තව ක්‍රියාත්මක නිරීමට ද සැලසුම් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment