පැහැරගත් ගම්පොළ තරුණයා සහ දරුවා තවම අතුරුදන්

ගම්පොළ ගඟාවට ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු සහ 26 හැවිරිදි තරුණයකු

පැහැර ගැනිමට ලක් වූ බවට
තොරතුරු වාර්තා වෙයි.දරුවා සමඟ අතුරුදන් වූ තරුණයා පවුලේ ඥාතියෙකු බවත්,  දිවා ආහාරය රැගෙන ඔහුගේ
ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී  අතුරුදන්වී ඇති බවත් වාර්තා විය.
පෙරේදා දින (03)  සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබියදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු පැහැර ගැනිමට ලක්වු තරුණයාගේ ජංගම දුරකතනයෙන් දරුවාගේ
පියාට ඇමතුමක් දී දෙදෙනාම නිදහස් කිරිමට රුපියල් ලක්ෂ 30 කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර
පසුව දරුවාගේ පියා විසින් එම කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බවද කියැවිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment