විදෙස්ගත බිරියගෙන් මිලියනයක් කප්පම් ගන්න හැදූ සැමියා අත්අඩංගුවට

ඊශ්‍රාලයේ සිටින සිය බිරිඳගෙන් රුපියල් ලක්‌ෂ 10 ක්‌ ලබාගැනීමට කප්පම් කල්ලියක්‌ තමන් පැහැරගෙන ගිය බවට සිය 18 හැවිරිදි පුත්‍රයාට දුරකථන ඇමැතුම් දෙමින් සැඟවී සිටි 42 හැවිරිදි දෙදරු පියකු ඊයේ (7දා) කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ උදය ලර්නර්ස්‌ උඩුමහලේ පදිංචි ගෙන්නලාගේ සමන් ප්‍රියන්ත නමැත්තාය.

සිය පියා 5 වැනිදා නාගොඩ බැංකුවට ගිය බවත් සවස නොපැමිණි නිසා දුරකථන ඇමතුමක්‌ දුන් විට යම් කිසි පිරිසක්‌ විසින් තමන් පැහැරගෙන ගිය බවට ප්‍රකාශ කළ බවත් තමන්ගේ අත් පා බැඳ ඇති අතර මුදා හැරීමට ලක්‌ෂ 10 ක මුදලක්‌ ඉල්ලා සිටින බවත් පොලිසියට සිද්ධිය පිළිබඳව දැන්වුවහොත් මරණ බවට තර්ජනය කරන බවත් පියා පැවසූ බවත් ඔහුගේ පුතාවන 18 හැවිරිදි සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත.

කළුතර දකුණ පොලිසිය විසින් මේ පිළිබඳව කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් බන්දුල වීරසිංහ මහතාට වාර්තාවක්‌ පෙරේදා (6දා) ඉදිරිපත් කර පරීක්‌ෂණ ආරම්භ කළ අතර පෙරේදා රාත්‍රි සිය පුතාට කතා කළ සැකකාර පියා 8 වැනිදා බැංකුවෙන් ලක්‌ෂ 10 ක මුදල ලබාගෙන තමන්ට භාරදෙන ලෙස පවසා කප්පම්කරුවන් තමාට පවසා මුදා හැරිය බව ප්‍රකාශ කළ බව පොලිසිය දන්වා තිබිණි.

පෙරේදා රාත්‍රි පොලිසිය නාගොඩ ප්‍රදේශයේ රැකවල්ලා සිට සැකකාර පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් අසල්වාසීන්ගෙන් ලබාගත් ණය ගෙවීම සඳහා බිරිඳගෙන් මුදල් ලබා ගැනීමට රඟපෑමක යෙදුණ බව පොලිසියට ප්‍රකාශ කර ඇත.
(විජයසිරි විද්‍යාසේකර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment