තාත්තගෙ සින්දු කිව්වට කමක් නෑ - හානියක් නොකර -ක්ලැරන්ස්ගේ දියණිය


නැසීගිය ප්‍රවීණ ගායක ක්ලැරන්ස් විජේවර්ධගේ දියණියවන අමිලා ප්‍රියදර්ශනී විජේවර්ධන ඔහුගේ ගීත සඳහා වන ඇටර්නි හිමිකම ලබැ ඇඅති තැනැත්තියයි. ක්ලැරන්ස්ගේ බිරිඳවන ශීලා විජේවර්ධන එය ඇයට පසුගියදා
පැවරීමෙන් පසුව
 ක්ලැරන්ස්ගේ
දියණියවන අමිලා ප්‍රියදර්ශනී විජේවර්ධන මෙසේ ප්‍රකාශකර තිබේ.

” තාත්තා ගැන විවිධ කතා පතුරවන යම් යම් චෝදනා කරන අයට මම කියන්න කැමති ඔවුන් අද ඒ තැන්වල ඉන්නේ මගේ තාත්තා නිසා කියලා. මගේ තාත්තාගේ සිංදු නිසා කියලා. ඔවුන් ඒ ගීත වලින් මුදල් හා ප්‍රසිද්ධිය ලබාගෙන මගේ තාත්තට හා අපේ පවුලේ අයට ගැරහීම් සිදුකරනවා. ක්ලැරන්ස් නාමයටත් නිග්‍රහ කරනවා. තාත්තාගේ නිර්මාණ සුරකින්න අපි ඉදිරියේදී හැම පියවරක්ම ගන්නවා. තාත්තගේ ගීතවලට හානියක් සිදුනොකර ගායනය කරන්නට ඕනෑම ප්‍රවීණයෙකුට හෝ නවකයෙකුට අවස්ථාව ලබාදෙන්න අපි කැමතියි. ඒ සම්බන්ධයෙන් clarenceslegancy@gmail.com යන ඊමේල් ලිපිනයෙන් තොරතුරු විමසිය හැකියි”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment