මිල්ටන් මල්ලවාරච්චි නවලෝක මුදලාලිගේ දුව එක්ක පැටලුණ කතාව බොරුවක් අපහාසයක්

මිල්ටන් මල්ලවාරච්චි නවලෝක මුදලාලිගේ 
දුව එක්ක පැටලුණ කතාව 
බොරුවක් අපහාසයක්

නැසීගිය ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි තරුණ කාලයේදී නවලෝක මුදලාලිගේ දුව සමග පෙම් සබඳතාවක පැටළුණ බවත් ඒ නිසාම විවිධ ගීත ලියැවුණ බවත් පසුව මුදලාලිට මෙය සැලවී මිල්ටන්ගෙන් ඇය ඉවත් කිරීමට විදෙස් ගත කරවූ බවත් පසුව දුව වෛද්‍යවරයෙකුට කරකාර දුන් බවත්
කියමින් මිල්ටන්ගේ ගීත රැසක්
හා එම කතාව ගලපමින් ප්‍රබන්ධාත්මක පුවතක් මේ දිනවල සමාජ ජාල තුළ සංසරණය වෙයි.
මේ සම්පූර්ණ කතාවම ප්‍රබන්ධයක් බවත්  මිල්ටන්ගේ පුත් රනිල් මල්ලවාරච්චි සහ ඔහුගේ මව වන  මිල්ටන්ගේ විවාහක බිරිය ෆේස් බුක් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මෙවැනි කතා පළකිරීම මියගිය තම සැමියාට මෙන්ම නවලෝක වයාපාරයටද කරන අපහාසයවක් බවත් එහිදී දන්වා ඇත.
මෙම ප්‍රබන්ධ කතාව මීට වසර 2 කට පමණ පෙර 2015දී  බ්ලොග් අඩවියක් මගින් මුලින්ම පළ කර තිබුණත් එයට වැඩි ප්‍රසිද්ධිය ලැබුනේ එය උපුටාගෙන විවිධ වෙබ් අඩවි ඔස්සේ මෑත සිදුවූ පළ කිරීම් වලින් පසුවයි.

මතභේදයට තුඩුදුන් මුල් බ්ලොග් සටහන මෙතැනින්
http://ift.tt/2pf4dFK

රනිල්ගේ ප්‍රකාශ සටහන හා මිල්ටන් බිරියගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment