ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි බව නිල වශයෙන් දැනුම් දේ – පියසේන ගමගේ එයි



මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ගීතා කුමාරසිංහ මහත්මියට පසුව ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයාගේ නම දන්වන ලෙස ලිඛිතව ගාල්ල දිසාපතිවරයා වෙත දැනුම් දෙනු ඇත. ඉන් අනතුරුව දිසාපතිවරයා විසින් ඊළඟට සිටින අයගේ නම මැතිවරණ කොමිසම වෙත දන්වා
එවනු ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතාය. ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස සිටියදී ස්විට්සර්ලන්තයේද පුරවැසි භාවය ලබා සිටීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු කරුණක් බව අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවට ප්‍රකාරව පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව එහි මහා ‍ලේකම් ධම්මික දිසානායක මහතා  මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත කළ එම දැනුම්දීම අනුව මැතිවරණ කොමිසම රැස්වී ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මන්ත්‍රී ධුරය සඳහා ගැසට් කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment