පාතාල නායක ‘කොස්ගොඩ ලොකූ‘ ඊයේ රෑ වැලිපැන්නේදී ඝාතනය වෙයි



ඊයේ රාත්‍රී කළුතර, වැලිපැන්න ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.
 තුවාල ලැබූ තවත් දෙදෙනෙකුද රෝහල් ගත කර ඇත.
වැලිපැන්න පොලිස්
බලප්‍රදේශයට අයත් දියහොරඬුව ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලද අතර
වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මෙලෙස මිය ගොස් ඇත්තේ කොස්ගොඩ, 2 කණුව පදිංචි චාමර අබේසේකර නොහොත් ‘කොස්ගොඩ ලොකූ‘ නමැති පාතාල කටයුතු වලට ප්‍රසිද්ධියක් උසුලන අයෙකු ලෙස හඳුනාගෙන ඇත.
මෘත ශරීරය දැනට කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (09)පැවැත්වීමට නියමිතව තිබේ.
ඝාතනය සිදු කළ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් වැලිපැන්න පොලීසිය කියා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment