බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක් මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ

බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න
මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක්
මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ


පසුගිය 2 වනදා මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ මුහුණු ආවරණය වන පරිදි මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන බොහෝ වේලා රැඳී සිටි අයෙකු ගැන මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන්ට සැකයක් හටගෙන තිබුණි.
බස් නැවතුමේ ගමන් ගන්නා මගින් දෙස මෙන්ම බස් රථවලින් බැස යන මගින් දෙසද මහත් උවමනාවෙන් අවධානය යොමු කිරීමට මෙම සැක කටයුතු කාන්තාව කටයුතු කරන බවද පොලිසිය නිරීක්ෂණය කළ අතර
පැය 02 කට අධික කාලයක්

එකම තැනක සිටීම මතද ඇය ගැන අවධානය වැඩි විය.එම අවස්ථාවේ එම පොලිස් නිලධාරීන් ගුඩ්ෂෙඩ් බස් නැවතුම වෙත කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා සැකසහිත කාන්තාව ප්‍රශ්න කිරීමකට ලක් කරන්නට උත්සාහගන්නා ලදි.
එම අවස්ථාවේ කලබල වූ කාන්තාව ධාවනය වෙමින් පැවති බස් රථයකට දිවගොස් පළා යාමට උත්සහ කර තිබුණි.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා ඇය අල්ලාගත් අතර මුහුණු ආවරණය ඉවත් කර කතා කර බැලීමේදී පොලිසිය පුදුමයට පත් කරමින් මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන සිට ඇත්තේ පුරුෂයෙකු බව හෙළි විය.
තමා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පැවසූ ඔහුගෙන් මේ ආකාරයට වෙස්වළාගැනීමට හේතුව කුමක්දැයි පොලිසිය විමසීමේදී කියා සිටියේ තම 26 හැවිරිදි බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් ගැන ආරංචි ලැබුණ බවත්  ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන බව කියන එම පෙම්වතා සමග ඇය අද දිනයේ බස් රථයකින් එම බස් නැවතුමට එනබවට ලැබුණ ආරංචි මත ඔවුන් අතටම අල්ලාගන්නට මේ ආකාරයට වෙස් වළාගත් බවයි.
තමාගේ නියම හැඩරුව දැක්කොත් ඇයත් පෙම්වතාත් අල්ලාගන්නට බැරිව යන නිසා තම හිතවතෙකුගෙන් මුස්ලිම් කාන්තා ඇඳුමක් ණයට ඉල්ලාගෙන මේ ආකාරයට වෙස් වළාගෙන පැමිණි බව ඔහු පවසා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment