මහින්දගෙ චූටි නංගිගෙ බණට ආ සුජීව සේනසිංහ ගැන කටකතා


මහින්දගෙ චූටි නංගිගෙ බණට ආ
සුජීව සේනසිංහ ගැන කටකතා

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ බාල නැගණිය පසුගියදා අභාවප්‍රාප්ත වීමෙන් පසු ඊයේ රාත්‍රී පැවති ඒ සම්බන්ධ හත්දවසේ බණ පින්කම සඳහා පැමිණි විශේෂ අමුත්තෙකු ගැන දේශපාලන ලෝකයේ අලුත් කතාබහක්
මතුව තිබේ.

ඒ වෙනත් කිසිවෙකු නොව එජාපයේ නැගී එන ප්‍රබල චරිතයක් වන සුජීව සේනසිංහයි.
ඔහු එම පින්කම අවස්ථාවේ හිටපු ජනපතිවරයා සමග සුහදවී කතා කළ දේවල් තමන්ගේ පක්ෂය ගැන කළකිරීමෙන් පසු සිදු කළ බවටත් ආරංචි පැතිරේ.
එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව එම අවස්ථාවේ ඔහු පවසා ඇතැයිද දැනගන්නට ලැබේ.රාජ්‍ය ඇමති සුජීව එම නිවසෙන් පිටත්ව ගොස් ඇත්තේ, බොහෝ වේලාවක් රැදී සිටීමෙන් පසුය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment