ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී. මහත්මිය අතර අද(14) සාකච්ඡාවක් පැවැත්විණි.
මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී
රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් මියන්මාරයේ සංචාරයක් සඳහා සහභාගී කරවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික සම්බන්ධතා පදනම්කර ගනිමින්, අනාගත සබඳතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේදයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අවුන් සාන් සුකී මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර, තමන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් මහනුවර නගරය දැක බලා ගැනීමටත් ඇල්මෙන් පසුවන බව සුකී මහත්මිය ප්‍රකාශ කළාය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment