ගීතාගේ ප්‍රශ්නය නිසා ගාල්ල ලැයිස්තුව අහෝසිවන කතා කෙප්ප


ද්විත්ව පුරවැසිභාවය හේතුකොට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන අහෝසි වීමට බලපා තිබෙන අධිකරණ කාරණාව අනුව ඇයට මන්ත්‍රීධූරය අහිමි වුවත් නැතත් එය පදනම්
කරගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ
සියලුම සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තු අහෝසි වන බවටත් ඉන්පසු එජාපයට හා ජවිපෙට හිස්වන අසුන් වැඩිපුර ලැබී පාර්ලිමේන්තුවේ සංයුතිය පවා වෙනස්වන බවටත් පසුගිය දිනවල ඇතැම් වෙබ් අඩවි හා සමාජ ජාලවල පළවූ පුවත සත්‍යයෙ න් තොර එකක් බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම මොහොමඩ් මහතා පෙන්වා දෙයි.
දැනට මැතිවරණ කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කරන ඔහු කියා සිටින්නේ එම අදහස පතුරා ඇත්තේ මැතිවරණ නීති ගැන අවබෝධයෙන් තොර අයෙකු බවයි.
1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරදීමෙන් පසු එක් අයෙකුගේ මන්ත්‍රීධූරයට වන බලපෑම මත සෙසු ලැයිස්තුවලට බලපෑම් සිදු නොවන බව දක්වා ඇතැයිද ඒ හේතුවෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව අහෝසිය වළකා තිබෙන ගීතාගේ මන්ත්‍රීධූරය ඉදිරියේදී අහිමිවීම හෝ නොවීම මත වෙනත් ලැයිස්තුගත මන්ත්‍රීවරුන්ට බලපෑමක් නොවන්නේ යයිද දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment