පෙම් පලහිලව්ව නිසා අධිබල විදුලි කණුවට තරුණයකු නැග පළාතක් කළුවර කරයි



පෙම් පලහිලව්ව නිසා අධිබල විදුලි කණුවට
තරුණයකු නැග 

පළාතක් කළුවර කරයි

තම පෙම් පලහිලව්ව නිසා රැකියාවේ අර්බුදයක් හටගෙන ඇතැයි දක්වමින් එය විසඳන ලෙස ඉල්ලා හිඟුරක්‌ගොඩ දිය බුබුල ප්‍රදේශයේ පිහිටි කිලෝ වෝට්‌ එක්‌ලක්‌ෂ විසිදහසක ධාරිතාවක්‌ ගමන් ගන්නා විදුලි රැහැන් කණුවක තරුණයෙකු නැගීම නිසා ඊයේ කලබලයක් හටගත්තා.
 පැය පහළොවකට ආසන්න කාලයක්‌ විරෝධතාවයේ නිරත වූ තරුණයා ගලවා ගැනීමේ අදහසින් ප්‍රදේශවාසීන් විවිධ ප්‍රයත්න දැරූ අතර පොලිසියද මැදිහත්වී පසුව පළාතේම විදුලිය විසන්ධි කර ඔහුෙආයාසයකින් බිමට බස්‌සවා ගෙන
ඔහුගේ ජීවිතය ගලවා ගෙන තිබේ‍ෙ
මේ ලෙස විරෝධතාවක නිරතව සිට ඇත්තේ රක්‌වාන, හෙට්‌ටිවත්ත ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් රුවන් ගමගේ  නම් 22 හැවිරිදි තරුණයෙකි. පෙරේදා (03 දා) සවස සිට අධිබල විදුලි රැහැන් කණුවේ නැඟ විරෝධතාවේ නිරතවූ ඔහු දන්වා සිටියේ තමන්ගේ පෙම් සබඳතාවය සහල් මෝල් රැකියා ස්ථානයට ආරංචිවීමෙන් පසුව රැකියාව අහිමිවීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

ඔහුගේ පුද්ගලික ප්‍රශ්නය නිසා පොළොන්නරුව හා නැගෙනහිර පළාතේ ප්‍රදේශ කීපයක පැය කිහිපයක් විදුලි සැපයුම අත්හිටුවන්නට සිදුවිය.
ඔහුව බේරාගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment