අධිකරණ නියෝග ගණන් ගන්නෙ නෑ අද විරෝධතා පා ගමන අපි යනවා -අන්තරේ

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවි වලට සිසුන් බඳවාගැනීම
කප්පාදුව,
ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද අරඹන්නට සැලසුම් කළ පාගමන වළක්වන්නට අධිකරණය ඊයේ පොලිසියට අවසර දුන් නමුත්
අධිකරණ නියෝගය නොතකා සැලසුම් කර පරිදි අද(17) දිනයේ විරෝධතා පා ගමන පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පෙරවරු 11.00ට කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කරන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේය.
ඔහු පවසන්නේ වාරණ නියෝග පැනවීමෙන් ශිෂ්‍ය  විරෝධතා මර්ධනය කළ නොහැකි බවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment