අද වෛද්‍ය සිසු මාපිය උද්ඝෝෂණයට ආරක්ෂාවට 1000 ක බලඇණියක්


පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සරසවි සිසුන්ට පහර දුන්නාට විරෝධය පළ කරමින් අද (28දා) වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය එකමුතුව විසින් කොළඹදී දැවැන්ත විරෝධතා පා ගමනක් පවත්වන බව සඳහන් කර
තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ මවුපියන්,
වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් සහ අන්තරේ නියෝජනය කරමින් විශ්වවිද්‍යාලය කිහිපයක සිසුන් සහ ස්වාමීන් වහන්සේ මේ විරෝධතාව සඳහා එක් වන අතර පා ගමන අවසානයේදී වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ මවුපියන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කරන බව දන්වා ඇත.
දැවැන්ත විරෝධතා පා ගමන හේතුවෙන් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දහසකට අධික බළඇණියක් යොදවා කොළඹ ආරක්‍ෂාව  තර කිරීමට කටයුතු යෙදූ බව පොලිස් මූලස්ථානය දන්වා ඇත.
ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකක, පොලිස් මාර්ග බාධක කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදී තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයකද ආරක්‍ෂාව තර කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ ඇතැම් මාර්ග වසා දැමීමට සිදුවන බවත් පොලිසියෙන් ලබාදෙන දැනුවත් කිරීම් ඔස්සේ කටයුතු කරන ලෙසද පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment