පන්නිපිටිය ධර්මපාල සිසුවිය දිවිතොරකරගන්න ගුවන් පාලමෙන් බිමට පැනලා

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි ගුවන් පාලමක් මතින් ඊයේ (27දා) උදෑසන සියදිවිනසාගන්නා අදහසින් බිමට පැන්න බව කියන පාසල් ශිෂ්‍යාවක් බරපතළ තුවාල ලබා තිබේ.

කොට්ටාව ප්‍රදේශයේ පදිංචි
16 හැවිරිදි ශිෂ්‍යාවක් වන ඇය ඊයේ උදෑසන 6.45ට පමණ ඇගේ පොත් බෑගය සහ පාසල් ටයි පටිය ගලවා දමා විද්‍යාලය ඉදිරිපිට පිහිටි ගුවන් පාලමෙන් පහළට පැන තිබේ.
 ඒ අවස්ථාවේදී කොට්ටාව සිට මහරගම දෙසට පැමිණි වෑන් රථයක්  ඇය පනිනු දැක වේගය අඩාළ කර තිබෙන අතර ඒ නිසා ඊට යටවන්නට ගිය ඇය බේරි ඇත.
පාලම අසලදීම වෑන් රිය හදිසියේ නවත්වා ගැනීමට හැකි වීමෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.පාසල අසල එම අවස්ථාවේ සිටි මවුපියන් පිරිසක් ඇයව රෝහල් ගත කර ඇත.
දැරියගේ කොන්දට සිදුවූ හානි හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයිද වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment