අවිස්සාවේල්ල රෝහලේ 13 හැවිරිදි ගැබිණි දැරියකට දරු ප්‍රසූතියක්


13 හැවිරිදි පාසල් සිසුවියක් දරුවෙකු ප‍්‍රසූත කළ පුවතක් අවිස්සාවෙල්ල රෝහලෙන් වාර්තාවී තිබේ.‍
ප්‍රසූතිය මළ දරු උපතක් බවද රෝහල් ආරංචි හෙළි කරන ලදි.
මෙම දරු ප්‍රසූතියට
ඇය ඇතුළු කළ අවස්ථාවේ මෙතරම් අඩු වයසක කෙනෙකු ගැබිණියක කළේ කවුද යන්න ගැන රෝහලින් විමර්ශනයක් සිදු කරන ලද අතර එහිදී දැරනියගල ප්‍රෙද්හයේ පදිංචි මෙම දැරියට හිතවත් තරුණියක ගේ පෙම්වෙතෙකු දිගින් දිගට  අතවරයට ලක් කර ඇති බව අනාවරණය කලාය.ඒ හේතුවෙන් මෙම දරුවා පිලිසිද ගෙන ඇති බවත් වාර්තා විය.
අනතුරුව දැරණියගල පොලීස් හා ළමා කාර්යංශය දැනුවත් කර අදාල තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට පත් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර දරුවා ප‍්‍රසූත කිරීම සඳහා දැරිය තවදුරටත් රෝහලේ තබාගන්නා ලදි.
ප‍්‍රසූත කල දරුවා ප‍්‍රසූත කළ අවස්ථාවෙම මියගොස් තිබූ අතර දැරිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා තව දුරටත් රෝහල් ගත කර තිබෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment