මුල සිට අගට ශ්‍රී ලංකා ඉනිම හැඩ කළ චමරි අතපත්තුගේ නොදැවුණ 178 ඉනිම (video)


මුල සිට අගට ශ්‍රී ලංකා ඉනිම හැඩ කළ
චමරි අතපත්තුගේ නොදැවුණ 178 ඉනිම (video)
කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර ඊයේ (29) පැවති  තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමි වුණ නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු ලකුණු 178ක්  නොදැවී ක්‍රීඩා කිරීම
ගැන කාගේත් විශේෂ අවධානයට ලක්වුණා.
මෙම ඉනිමේදී හතරේ පහර 22ක් හා හයේ පහර 6 ක් ඇය එල්ල කරා.
ඇගේ ඉනිම අවසානයේ හැඟුම්බර ලෙස ඇයව පිළිගත් ජවනිකාවක්ද ජාත්‍යන්තර මාධ්‍ය අතර පැතිරගොස් තිබුණි.
මෙම තරගයේ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු 257 ඕවර 43.5 කදී ඕස්ට්‍රෙලියානු පිල පසුකර ගියේ කඩුළු 2 ක් පමණක් ලබමිනි ලැනින්ග් ලබාගත් 152 ද මෙහිදී කැපී පෙනිණි.
චමරි තවමත් 27 වැනි වියේ පසුවන අතර ඇය මේ වන විට එක්දින තරග 60කදී ලකුණු 1728ක් රැස්කරගෙන ඇත.එයට ශතක දෙකක් හා අර්ධ ශතක 12ක් ඇතුළත්ය.
චමරිගේ ඉනිමේ වීඩියෝ දර්ශන හා ඇය තරග අවසානයේ පිළිගත් හැටි වීඩියෝව පහතින්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment