ලියුම් කඳු ගොඩ ගැසේ: තැපැල් වර්ජනය දිගටම


ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය නිසා තැපැල්
කන්තෝරුවල ලියුම්
කඳු ගොඩගැසී ඒ හා සම්බන්ධ සේවා ඇණ හිම ඇත.
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පැවැති සාකච්ඡාවද අසාර්ථකවී ඇති අතර වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කර තිබේ.
 තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිලි විකිණීමට තැත් කිරීම මෙම වැඩ වර්ජනයට මුල්වූ ප්‍රධාන හේතුවකි.
විකිණිමකින් තොරව ඒවා හරහා රටට ආදායමක් ලබාගත හැකි වෙනත් විකල්ප ක්‍රමවේද ඕනෑ තරම් තිබෙන බව කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment