නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන 15 දා සිට රජයට

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කිරීම ගැන
එහි පාලනාධිකාරිය
සතුට පළ කර තිබේ.

ඒ අනුව ලබන 15 වැනිදා සිටම එය රජයට පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පාලනාධිකාරිය වෙනුවෙන් රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා  දන්වා ඇත.

මෙම රෝහල රජයට පැවරීමෙන් පසු මේ දක්වා එහි රෝගීන් නැති ප්‍රශ්නය විසඳී සයිටම් සිසුන්ට අවශ්‍ය ශික්ෂණ සේවාවන් නිරායාසයෙන්ම හිමිවීම නිසා සයිටම් ආයතනය ස්ථාවර කර  දීමට  රජය ගත් තීරණයක් ලෙස මෙම තීරණය රජයේ දත්ත වෛද්‍ය නිලධාරීන් විසින් ඊයේ හෙළා දැක තිබුණි.

මාලඹේ සයිටම් සිසුන් මින් ඉහත සායනික පුහුණුව සඳහා හෝමාගම රෝහල භාවිත කළත් එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකිරීමෙන් පසු එය නතර විය.
විකල්පයක් ලෙස රෝහලක් තනන්නට වෛද්‍ය නෙවිල් පෙළැඹුවුයේ ඒ නිසාය. කෙසේ වෙතත් එය සෑදුවත් රෝගීන් නොමැති නිසා ඔහු දෙවන වර අර්බුදයට ලක්වූ අතර රජය දැන් එය විසඳා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment