විග්නේශ්වරන් කල්ලිය බේරගන්න උතුරේ ඇමති මාරුවක්



උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ඇතුළු නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29)  දිවුරුම් දී ඇත.

ඒ අනුව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සී.වී.විග්නේශ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවි ජනසේවා, සත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන
හා පරිසර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී ඇත.
අනන්ති ශෂීධරන් මහත්මිය උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා,සමුපකාර, ආහාර සැලසුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ද පත් විය.
උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය කන්දයියා සරවේශ්වරන් මහතාද තේරී පත්විණි.

උතුරු පළාත් ප්‍රධාන ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දෙන සිදු කරන ලද්දේ පසුගිය කාලයේ උතුරු මහඇමතිට එරෙහි කැරැල්ලක් මතුවන තත්වයක් ඉඟි ලැබීමෙන් පසුව එයට විසඳුමක් ලෙස බව වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment