අද පාකිස්තාන මැච් එක දින්නොත් ලංකාවට ‘සෙමි‘ යන්න හැකිලු

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව
සහ පකිස්ථානය අතර පැවැත්වෙන බී කාණ්ඩයේ තීරණාත්මක
අවසන් තරගය එංගලන්තයේ කාඩ්ෆ් ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර වර්ෂාව හේතුවෙන් අද තරගය පැවැත්වීමට නොහැකි වුව ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වේ.
ඉන්දියාව දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.
පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් සුළු ආබාදයකට ලක් වූ තිසර පෙරේරා අද දිනයේ තරග වදිනු ඇති අතර පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව ආසියාවෙන් පිටත වෙනත් රටක දී තරග වදින්නේ 2002 වසරෙන් පසුවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment