ඩෙංගු මදුරු මර්දනයට ඕස්ට්‍රෙිලියාවෙන් බැක්ටිරියාවක් ගෙන්නනවා - ඇමති රාජිත

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඔීස්ට්‍රෙිලියාව සොයාගෙන ඇති නව බැක්ටිීරියාව ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එම බැක්ටිීරියාව මගින්
ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්ටිීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව ඒ පිළිබද පර්යේෂණ කළ ඔස්ට්‍රෙිලියාවෙි මොනැෂ් විශ්ව විද්‍යාලය සදහන් කරයි. ශ්‍රී ලංකාවෙි මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටිීරියාව ඇතුල් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සදහන් කරයි.

මෙි පිළිබද සාකචිඡා කිරිම සදහා ලබන මස ඔස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුලින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment