කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබූ කුඩු කිලෝ පහමාරක් හසුවේ

කන්කසන්තුරේ නගරයට මුහුදු සැතපුම් 10ක් පමණ දුරින් වන මුහුදේ
පාවෙමින් තිබූ

හෙරොයින් කිලෝ පහමාරක් පමණ සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව දන්වයි.
පාවෙමින් තිබූ ගමන් මල්ලක මෙම හොරොයින් තොගය තිබී ඇත. මෙහි වටිනාකම රුපියල් කෝටි 5.5කට අධික බව ගණන් බලා ඇත.
උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්ෂක යාත්‍රාවක් විසින් කුඩු තොගය සොයාගෙන තිබුණි.
එම මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාරදී ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment