නුගේගොඩ පරණ කැස්බෑව පාරේදී ආදර ආරවුලට පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපලා


නුගේගොඩ පරණ කැස්බෑව පාරේදී
ආදර ආරවුලට පෙම්වතා
පෙම්වතියගේ ගෙළ කපලා


නුගේගොඩ පරණ කැස්බෑව පාරේ සූරියමල් මාවත ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක් අසළ ගෙළ කපා ඝාතනය කරන ලද තරුණ කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ රාත්‍රී 8 ට පමණ ප්‍රදේශවාසීන්ට දැකගන්නට ලැබී තිබුණි.
මෙම සිරුර කිසිවෙකු විසින් ඝාතනය කරන ලද සැකසහිත සිද්ධියකට සම්බන්ධ බවට
අසළ නිවාස වල අය
කල්පණා කළෙන් 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන්නේ නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවී තිබෙන බවයි.
පොලීසියට ලද තොරතුර මත ගෙළ කපා ඝාතනය කර තිබූ මළ සිරුර පිලිබඳ පරීක්ෂා කරන්නට  විශේෂ කණ්ඩායමක් ඒ වෙත ගිය අතරවාරයේ තමා විසින් තම පෙම්වතිය මරාදමන ලදැයි කියන තරුණයෙකු ලේ තැවරුණ පිහියක්ද රැගෙන පොලිසියට භාරවී තිබේ.

ඔහු පවසා ඇත්තේ තරුණිය යතුරුපැදියේ නංවාගෙන  පරණ කැස්බෑව පාරේ පිහිටි ක්‍රීඩාංගණයක් අසළට පැමිණ බහින්බස්වීමක් සිදුවූ බවත් පසුව ඇය මරාදමන්නට තමන් ක්‍රියා කළ බවත්ය. තමුන් දෙදෙනා අතරට තවකෙනෙකු පැමිණිම ආරවුලට මුල්වූ බවද ඔහු පවසා ඇත.

මියගොස් ඇති තරුණිය මතුගම හේවැස්ස ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා සංකල්පනී ගුණසිංහ නමැති අයෙකි.
ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment