ප්‍රින්ස්ට කියන තරම් රසිකයින් කලාකරුවන් ආදරය කළේ නැද්ද? - මළ ගෙය පාළුවට යාම ගැන කථාබහක්


ප්‍රින්ස්ට කියන තරම්
රසිකයින් කලාකරුවන් ආදරය කළේ නැද්ද?

මළ ගෙය පාළුවට යාම ගැන කථාබහක්

පෙරේදා මියගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයාණන් ගැන පසුගිය මාස ගණනාව තුළ නිරන්තරයෙන්ම විවිධ පුවත් වාර්තා විය. ඔහු රෝගාතුරවූ විට විවිධ සංවිධාන දේශපාලකයින් ඔහුට උදව් කළ අයුරුත් එම වාර්තාවල සටහන් විය.ඔහුට ප්‍රතිකාර කරන්නට ඇතැමුන් අරමුදල් පවා එක් රැස් කර තිබුණි.
නමුත් ප්‍රින්ස් මියගිය පසු ඔහුගේ මරණය දැකගන්නට  ඊයේ සිට අද දක්වා සුදර්ශියට ආවේ සුළු පිරිසක්
බව පැවසේ. ඒ අතර කලාකරුවන්ට විරල විය. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ අයගෙනුත් මුල් පෙළේ නිලධාරීන් කිහිපදෙනා හැර අන් අය දේහය ඇල්පිටියේ නිවස වෙත ගෙන යන අවස්ථාවට එක්වී නැත. කොළඹදී පිරිස එක්වන්නේ නැතිනම් ඇල්පිටියේදී තවත් වැඩිවන්නේ නැත.

හෙට (10) ඉරිදා අවසන් කටයුතු එහිදී සිදු කරන්නට නියමිතව තිබෙන අතර ප්‍රින්ස්ගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් මේ අවස්ථාවෙහි නිහඬ පිළිවෙතක සිටින්නට හේතු ගැඹුරින් විමසිය යුතුය.

ප්‍රින්ස් ජීවත්ව සිටියදී ලෙඩව සිටි කාලයේ පැවති එක් විවේචනයක් වූයේ ඔහුගේ වියදම් අන්අය මත පැටවීම වරදක් බවකි.ඔහු මළ පසු ඊයේ සිට ඔහුගේ රෝහල් බිල ගෙවීම සම්බන්ධයෙන් අධාර ඉල්ලීමද ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබුණි.ප්‍රින්ස් සම්භාව්‍ය ගායකයෙකු ලෙස පිළිගැනීමක් නැති නිසා ඔහුට  කලාකරුවන් අතරද ගෞරව දැක්වීමේ බෙදීම් තිබිය හැකිය.

අකාලයේ මියගිය ප්‍රින්ස් උදය ප්‍රියන්තට සිදුව ඇති දේ කලාකරුවන් කවුරුත් කල්පණාවට ගතයුතු ගැටලුවකි.


















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment