ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවත් කරන්න රජය එකඟවෙයි

යතුරු පැදි සඳහා සම්පූර්ණයෙන්
මුහුණු ආවරණය කළ හිස් ආවරණ සම්බන්ධයෙන් පනවා තිබූ තහනම
ඉවත් කිරීමට. රජය එකඟතාව පළ කර ඇති බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පැවසුවේ අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇති බවය.

අදාළ පාර්ශවයන්ගේ ද අදහස් ඇතුළත් සංශෝධිත ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පැවසුවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment