ලොතරැයි බලාගන්නැයි විදේශ ඇමතිට කියමින් රජය නිකුත් කළ ගැසට් එක

රජය මගින් මුදල් හා ජනමාධ්‍ය, විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්ය භාර යන අමාත්‍යාංශවල විෂයන් ගැසට් කර තිබෙයි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඇතුළු ආයතන 05ක් විදේශ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මිනුම්පති දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේයි.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 03ක් සංවර්ධන කාර්ය භාර අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment