ද්විත්ව පුරවැසිකම ඇති වෙන අයත් ඉන්නවා කීවාට ඉන්නෙ ගීතා පමණයිලු


ද්විත්ව පුරවැසිභාවය දරමින් පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව පත්වීමක් ලබා ඇති බවට මන්ත‍්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා අදිකරණයෙන් තහනම් නියෝගයක් ලැබූ පසු පාර්ලිමේන්තුවේ ද්විත්ව
පුරවැසිභාවය
සහිත මන්ත‍්‍රීවරුන් තවත් සිටින බවට වාර්තා පළ විය.
නමුත් මූලික විමර්ශනයේදී එවැනි වවෙනත් අය ගැන මෙතෙක් හෙළිවී නැතැයි ආගමන විගමන
දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලූව හටගැනීමෙන් පසුව තවත් පාර්ලිමේන්තු
මන්ත‍්‍රීවරුන් 9දෙනකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි කියා තිබුණත් එවැන්නක් හෙළිවී නැති අතර ගීතාගේ මන්ත්‍රී ධූර අහෝසියද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමට ලක් කර ඇත.
ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි
පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරිය නොහැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment