පුද්ගලික දේ රාජකාරියෙදි අදාළ නෑ -උමාලි කළ දේ ගැන සාරංගගේ පිළිතුර

පුද්ගලික දේ රාජකාරියෙදි 
අදාළ නෑ 
-උමාලි කළ දේ ගැන සාරංගගේ පිළිතුර

පසුගියදා රයිගම් සම්මාන උළෙලේ වේදිකාවේ ඇතිවූ සිදුවීම ගැන ගුවන් විදුලි නාලිකාවක් යොමු කළ පැනයකට සාරංග දිසාසේකර
පිළිතුරු දී ඇත්තේ මෙසේය.


“එයා හැර නිර්දේශ වුණු වෙන නිලියක් ඔය සම්මානය ගත්තා නම් මම අහන්නේ එයාලගෙන් ඔය ප්‍රශ්න ටිකමයි. මම කළේ මගේ රාජකාරිය. එයා එයාට ඕන දේ කිව්වා. සම්මාන රාත්‍රිය දවසේ ඒ සිදුවීමෙන් පසුව කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් බොහෝ දෙනෙක් මට කතා කළා. ඒ අය කිව්වේ කියන්න ඕන දේ නෙමෙයි කිව්වේ අනවශ්‍ය දෙයක් කියලා.

ඔවුන් මම කළ දේ අගය කළා. මට ඒ ගැන කියන්න තියෙන්නේ මම කවදාවත් රස්සාවයි පුද්ගලික දෙයි පටලවා ගන්නේ නැහැ කියලා තමයි.
සිදු වීම ගැන මට දුකක් නැහැ. සමහර විට ඇයටත් පසුව හිතෙන්න ඇති ඒ ප්‍රකාශ කළේ අපරාදේ කියලා. ඒ මොහොත පුද්ගලික දේවල් ප්‍රකාශ කරගන්න තැනක් නෙමෙයි.
ඇය පසුව මට කතා කළේ නැහැ.“
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment