හොර නෝට්ටු සමඟ නීති සිසුවකු ඇතුළු පහක් දැලේ


රුපියල් 701,000ක ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් පස් දෙනකු මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයකු අවසන් වසරේ නීති ශිෂ්‍ය‍යකු බව පොලිසිය කියයි.
පෙරේදා (28)
මතුගම තානායමට පැමිණි  පුද්ගලයකු මත්පැන් ලබාගෙන ඒ වෙනුවෙන් දුන් රුපියල් 5000ක මුදල් නෝට්ටුව පිළිබඳව සැක සිතූ තානායමේ මුදල් අයකැමිවරයා ඒ පිළිබඳව මතුගම පොලිසියට දැනුම් දී ඇති අතර පොලිස් නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සන්තකයේ තිබී තවත් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 12ක් සොයාගෙන ඇත.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තවත් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 127ක් සහ රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද සොයාගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 35, 38, 23, 22 හා 24 වන මතුගම හා බෙරලපනාතර පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත මතුගම පොලිසිය මඟින් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment