ගණ්ඨාර ලණුවෙ එල්ලී පුංචි සාමනේර හිමි නම දිවි හානි කරගෙන

අත්තුඩාව රතනපාලාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ 13 හැවිරිදි සාමණේර හිමිනමක් ඊයේ (29දා) උදේ 7.30ට පමණ විහාරස්ථානයේ ඝණ්ටාර කුලුණේ එල්ලී අපවත්වී ඇතැයි තිහගොඩ පොලිසිය කියයි.

දුරකතන ඇමතුමක් අනුව පොලිසිය එම ස්ථානයට යන විටත් උන්වහන්සේව මාතර මහ රෝහල වෙත ගෙනගොස් තිබූ බව පොලිසිය කියයි.
අපවත්වී ඇත්තේ ඇඹිලිපිටියේ සාසන ධම්ම නමැති සාමණේර හිමිනමකි.
මෙම සාමණේර හිමිනම උදෑසන අවදිවී බෝමළුව ඇමදීම සඳහා පිටත්ව ගොස් තිබූ බවත් ඉන් අනතුරුව උන්වහන්සේ සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණු බවත් ප්‍රකශවලින් හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය මාතර මහ රෝහලේදී සිදු කර ඇති අතර ඉන් හෙළිවී ඇත්තේ ගෙලවැලලා ගැනීම නිසා මෙම මරණය සිදුවූ බවටය.
එම හිමියන්ගේ දේහය ආදාහනය නොකරන ලෙසත් භූමිදානය කරන ලෙසත් අධිකරණයෙන් නියෝග ලැබී ඇති බවද උසස් පොලිස් නිලධාරියා සඳහන් කෙළේය.

මාතර- එම්. සී. දුෂාන්ත ,අකුරැස්ස -එස්. රණවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment