ඉන්දියාව පරදා
චැම්පියන්ස් කුසලානය පකිස්තානයට
අද ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති චැම්පියන්ස් කුසලාන 2017 අවසන් මහ තරගයේ තරග කළ පකිස්තානය ඉන්දියාව පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා.
කාසියේ වාසිය දිනා ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළ පසු නියමිත පන්දු වාර 50 අවසන පකිස්තානය රැස් කළ 338 ක විශාල ඉලක්කය හඹායාමේදී
ඉන්දියාව මුල
පකිස්තානය වෙනුවෙන් ෆකර් සමාන් 114 ක්ද අසල් අලි 59 ක්ද මොහොමඩ් හෆිස් නොදැවී 57 ක්ද ලබාගත් අතර 338 රැස්කිරීමේදී දැවී ගියේ කඩුළු 4ක් පමණි.
ඉන්දියානු ඉනිමේදී පන්ඩයා රැස් කළ 76 හැරෙන්නට අනෙක් කිසිදු ක්‍රීඩකයෙකු සාර්ථක වූයේ නැත. ෂර්මා 0 ට දැවී යාම සහ දෝනි 4 ටත් කෝලි 5 ටත් දැවී යාම විශේෂ විය.
පකිස්තානු පන්දු යවන්නන් අතරින් කඩුළු 3 බැගින් ලබාගත් මොහොමඩ් අමීර් හා හසන් අලීද කඩුළු 2 ක් ලබාගත් ෂහාබ් කාන්ද දක්ෂතා දැක්වූහ.
0 comments :
Post a Comment