කටාර් අතහැර නැගෙනහිර ලොකු පුටුව ගන්න ආ ASP අවුලක


දැනට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති


ධූරය දරන ඉඩකඩම් ව්‍යාපාරික ASP ලියනගේ මහතාට නැගෙනහිර ආණ්ඩුකාරය පිරිනැමීමට නියමිත බවට පසුගිය කාලයේ ප්‍රචාරයක් පැවතී තිබෙන අතර එම ධූරය දැරූ ඔස්ටින්
ප්‍රනාන්දු මහතා නව ජනපති ලේකම් ධූරයේ වැඩභාරගැනීම නිසා ඇතිවූ පුරප්පාඩුවට අනුව එම තනතුර තමාට හිමිවේ යයි ASP ලියනගේ බලාපොරොත්තු තබා තිබේ.
මේ නිසා ඔහු කටාර් සිට විශේෂ ගුවන් යානයකින් ඊයේ ලංකාවට පැමිණ ඇත්තේ අලුත් තනතුර ගන්නටය.
නමුත් අනපේක්ෂිත ලෙස අද නැගෙනහිර ආණ්ඩු කාර ධූරයට රෝහිත බොගොල්ලාගම මහතා පතිකිරීම නිසා ASP ලියනගේ අතරමංව ඇත.
ඒ නිසා තමන්ට නොලැබුණ තනතුර ගැන කලකිරීම ප්‍රකාශ කරන්නට ඔුහට අයත් පීකොක් මන්දිරයේදී හෙට ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවද වාර්තාවේ.
පසුගිය රජය සමයේ මහින්ද හිතවාදියෙකුවූ ASP ලියනගේ මහතා පසුගියදා ගාල්ලේ පැවති මෛත්‍රිෙග් රැළියකට එක්වෙමින් මහින්ද පිලෙන් මෛත්‍රී පිලට එක්වූ අතර පසුව කටාර් තානාපති ලෙස පත්වීම ලබා විදෙස් ගත විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment