මාලිංගට වෛරස් උණ නිසා තරගය අහිමිවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෛරස් උණ රෝගයට ගොදුරු වීම
හේතුවෙන්
පැය 48 ක කාලයක් විවේක ගැන්විය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, සංචාරක සිම්බාබ්වේ පිල සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගය සදහා මාලිංග සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

පළමුව එක්දින තරඟයට දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සදකැන් සහභාගි නොවූයේ ද මෙම වෛරස් රෝගයට ගොදුරු වීම හේතුවෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සදහන් කළේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment