රත්මලානෙන් ප්ලේන් එකක් අරන් ගිහින් කොල්ලුපිටියෙ ඇමරිකන් ඇම්බසිය පුපුරවන අයිඑස් සැලසුමක්


රත්මලානෙන් ප්ලේන් එකක් අරන් ගිහින්
කොල්ලුපිටියෙ ඇමරිකන් ඇම්බසිය පුපුරවන අයිඑස් සැලසුමක්


රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන් යානාවක් පැහැරගෙන කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අයි එස් සැලැස්මක් ගැන අනාවරණය වී ඇතැයි සතිඅන්ත ලංකාදීප පුවත්පත වාර්තාවක් පළකර තිබේ.
මෙම පහරදීමේ සැලැස්ම ගැන ඇමරිකානු බුද්ධි අංශ දැනුවත්වීමෙන් පසුව
පසුගියදා අගමැති රනිල්
ඇමරිකාවේ සංචාරය කළ අවස්ථාවේ ඒ ගැන දැනුම්දී ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය පිණිස හා ආරක්ෂක විධිවිධාන තරකිරීම පිණිස ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් දැනටමත් ලංකාවට පැමිණ ඇතැයිද වාර්තාවේ දැක්වේ.

සැලැස්මේ හැටියට මරාගෙන මැරෙන අයිඑස් අයිඑස් සාමාජිකයින් රත්මලාන ගුවන් තොටුපළට සූක්ෂ්ම ආකාරයෙන් ඇතුළුවී එහි කුඩා ගුවන් යානයක් යොදාගෙන කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යානය පතිත කර එය පුපුරුවා හරින්නට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තාවී තිබේ.

පුවත්පත් වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙම ආරංචිය නිසා දැනටමත් ඇමරිකානු තානාපති කාර්යාල පිරිස් කලබලවී ඇති අතර එහි ඇතැම් ප්‍රධානීන් කාර්යාලයේ වැඩි වේලා රැඳී නොසිටින ප්‍රතිපත්තියක්ද අනුගමනය කරමින් සිටින බව වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment