රාජගිරියේ ලාෆ්ස් සුපර්මාර්කට් ගිනිගනී


රාජගිරියේ  කොට්ටේ පාරට මුහුණලා HSBC ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳ සැළක් අද
උදෑසන 5 පමණ සිට

ගිනිගනිමින් පවතී. එම සුපිරි වෙළෙඳ සැල සමග පිහිටා ඇති ගෑස් ගබඩාවක ගින්න මුලින් හටගෙන එය පැතිරගිය බවට සැක කෙරේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව අළුයම 5.30ට පමණ සිට ගින්න නිවීමට අවශ්‍ය කටයුතු යොදන ලදි.
මේ වන විට ගින්න සුපිරි වෙළඳ සංකීර්ණය තුළටද ව්‍යාප්ත වී එහි භාණ්ඩ අළු කර ඇතැයි වාර්තාවේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා රථ 03ක් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හා කොළඹ නගර සභාවේ  ගිනි නිවීම් රථය බැගින් ද යොදාගෙන ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment