ලාෆ්ස් ගින්නට ගෑස් පිපුරුවේ නැති නිසා හානි අවමයි


ලාෆ්ස් ගින්නට ගෑස් පිපුරුවේ නැති නිසා හානි අවමයි

රාජගිරිය ලාෆ්ස් සුපිරි වෙළෙඳ සැලේ අද උදෑසන හටගත් ගින්න විදුලිය කාන්දුවීමක් නිසා හටගන්නට ඇති බවට සැකකෙරේ. මෙම ගින්න නිසා එම සුපිරි වෙළෙඳ සැලේ ඉහළ මහලේ තිබුණ පාරිභෝගික ද්‍රව්‍ය සියල්ල  විනාශවී තිබෙන අතර
පහළ මහල හා ගෑස්
ගබඩාව බේරී ඇති බව පසුව කළ විමර්ශන වලින් අනාවරණය විය. යම් හෙයකින් ගෑස් කොටස පුපුරා ගියේ නාම් සිදුවන හානි විශාල වන්නට ඉඩ තිබුණ බව පොලිසිය දන්වා තිබේ.
මෙම සුපිරි වෙළෙඳ සලට අනුබද්ධව සම්පත් බැංකුවේ ඒටීඑම් යන්ත්‍රයක්ද තිබී ඇති අතර එහි තිබුණ ලක්ෂ ගණන් මුදල් වලට හානියක් නොවූ බවද පසුව කළ විමර්ශනයේදී අනාවරණය විය.
ගින්නෙන් සිදුවූ අවසන් අලාබය තවම ගණන් බලා නැත.
ඡායාරූප කිහිපයක් පහතින්

(වාර්තාව හා ඡායාරූප-අයිරංගි එදිරිසිංහ)








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment