සැප්තැම්බර් මස සිට දෙහිවල සත්තු වත්තේ නයිට් සෆාරි

ලෝකයේ ප්‍රසිද්ධ සත්වෝද්‍යානවල සංචාරකයින්ගේ විනෝදය පිණිස පවත්වාගෙන යන නයිට් සෆාරි ක්‍රමය
දෙහිවල සත්තු වත්තටත් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඊයේ දන්වා සිටියා.
මෙම ක්‍රමය යටතේ රාත්‍රී කාලයේ තෝරාගත් සත්ව ගාල් කිහිපයක් නැරඹීමට මහජනතාවට විවෘත කර තිබෙන අතර ආලෝකයෙන් තොර වීදි දිගේ ගොස් රෑට සතුන් හැසිරෙන ආකාරය
එම ගාල් අසළින් ගමන් කරන වාහන තුළ සිට නැරඹීමේ පහසුකම ලැබේ.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ නව මාර්ග පද්ධතියෙහි ඉදිකිරීම් නිම කිරීමෙන් අනතුරුව නයිට් සෆාරි (රාත්‍රි සංචාර) ක්‍රමය හඳුන්වා දෙන බවකී වනජීවී අමාත්‍යවරයා රාත්‍රි 7ත් 10ත් අතර කාලය තුළ උද්‍යානයෙහි රාත්‍රි සංචාරය කිරීම සඳහා හඬ නොනැඟෙන සංචාරක විදුලි රථ පාවිච්චිවනු ඇති බවත්  සඳහන් කළේය.
දෙස් විදෙස් සංචාරකයන්ට උද්‍යානය තුළදී පිරිසුදු රාත්‍රි ආහාර වේලක් ලබා දීමටද ඒ සමගම කටයුතු කරන බවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩසටහන ආරම්භ කරන බවත් ඔහු පැවසීය.
මිට පෙර මෙම සත්වෝද්‍යානය  විවෘතව පැවතියේ උදෑසන 8.30 සිට සවස 6.00 දක්වා පමණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment