උදයංගගේ විදෙස් ගමන් බලපත අහෝසියි



ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන
දෙපාර්තමේන්තුවෙන්
නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  ඊයේ(30) තහනම් කරන ලදි..
ඔහු දිවයිනට පැමිණියහොත් රඳවාගෙන ඒ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙසද ආගමන විගමන පාලකවරයාට අධිකරණය නියෝග කරන ලදී.
2009 වසරේදී යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සඳහා මැදිහත්වී අයුතු ආකාරයෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අනුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම  සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
ඔහු හිටපු ජනපති මහින්දගේ විදෙස් සංචාර වල නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment