මහින්ද කියන පිංකැට කතාව කෙප්පයක් – ඇමැති දුමින්ද



පන්සලේ පිං කැටේ ඇති මුදල්වලටත් යහපාලන ආණ්‌ඩුව බදු ගැසීමට සූදානම් වන බවට හිටපු ජනාධිපති. මහින්ද රාජපක්‍ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්‌ යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ
මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා මාධ්‍යට පැවැසීය.

වසර පහකට වරක්‌ බස්‌නායක නිලමේවරයෙකු පත්කර ගැනීමට කතරගම දෙවියන්ට තිබූ අයිතිය විධායක ජනාධිපති බලතල යොදා ගෙන අහෝසිකර රාජපක්‍ෂ පවුලේ පාලනයට කතරගම දේවාලය නතුකරගත් හිටපු ජනාධිපතිවරයාට යහපාලන ආණ්‌ඩුවට චෝදනා කිරීමට අයිතියක්‌ නැතැයිද හෙතෙම පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තාක්‌කල් බුදුදහමට හෝ බෞද්ධ වෙහෙර විහාරවලට හානියක්‌ කිරීමට කිසිම ජගතකුට ඉඩ නොදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පන්සල්වල පමණක්‌ නොව වැව්වල පවා තිබූ නිධන් වස්‌තු කොල්ල කමින් රට විනාශය කරා රැගෙන ගියෙත්, දළදා මාළිගාව ඉදිරිපිට භික්‍ෂූන් වහන්සේලා ගිනි තබාගෙන සියදිවි නසා ගත්තෙත් හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී බවද ඇමැතිවරයා පැවැසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment