කැලණියේදී දුම්රිය පා පුවරුවෙන් ඇද වැටී 10 වසරේ ආනන්ද සිසුවකු මියගිහින්


කැලණියේදී දුම්රිය පා පුවරුවෙන් ඇද වැටී
10 වසරේ ආනන්ද සිසුවකු මියගිහින්


 පාසල් දරුවකු කැලණිය ප්‍රදේශයේදී දුම්රිය පාපුවරුවේ ගමන් ගනිමින් සිටියදී එයින් බිම වැටී මරුමුවට පත්වීමේ සිද්ධියක් ඊයේ වාර්තාවී තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයීය 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි වේයන්ගොඩ මුද්දගොඩ ප්‍රදේශයේ පදිංචි ජයසේකර අධිකාරි අප්පුහාමිලාගේ ඉසුරු රශ්මික අධිකාරි නමැති සිසුවා මෙසේ අවාසනාවන්ත ලෙස
මියගියේය.
ඔහුගේ මරණය ගැන සාක්සි දුන් එකම පන්තියේ මිතුරෙකු මෙසේ කියා තිබේ.
‘දුම්රියෙන් ගෙදර යාම සඳහා මියගිය ඉසුරුයි මායි චම්ලිතුයි අපි තුන්දෙනෙක් ගමන් කරමින් සිටියෙ. මැදිරියට ගොඩවූ පසු මමයි චම්ලියි මැදිරිය ඇතුළේ දොර ළඟ කතා කරමින් ආවා. නමුත් ඉසුරු සිටියේ පා පුවරුවේ. ඔහු එක පැත්තකට එල්ලිලා තමයි ගමන් ගත්තේ. ඔහුට අවශ්‍ය නම් ඇතුළට විත් ගමන් කිරීමට තිබුණා. දුම්රියේ පිටුපස සිටි මාමා කෙනෙක් කෑ ගහලා කිව්වා ළමයෙක් වැටුණා කියලා. අපි දුම්රිය යන අතරම ඔළුව දාලා බැලුවා. ඉසුරු වැටිලා ඉන්නවා දැක්කා. කෑගහපු මාමා දුම්රියේ දම්වැල ඇද්දා. දුම්රිය නැවැත්තුවේ නැහැ. දුම්රිය නැවැත්තුවේ කැලණිය දුම්රිය ස්ථානයේ.
අපි සියලු දෙනාම දුවගෙන එතැනට ගියා. අපි යන විට ඉසුරු ඒ විදියටම වැටී සිටියා. ඒ වන විටත් ඔහු මියගොස් සිටියේ නැහැ. පසුව ඊළඟට ආපු දුම්රියට ඉසුරුව දමා ගත්තා. පසුව ඔහු මිය ගිය බව දැනගත්තා.‘

 පාසල් දරුවාගේ පියා වන සුජිත් නිශාන්ත (46) සාක්කි දෙමින් මෙසේ තියා තිබේ.
 ‘මියගොස් ඇත්තේ මගේ දෙවැනි පුතා. ඔහු මීට පෙර පාසලට ගියේ බස් එකේ. දැනට මාස 2ක පමණ කාලයක සිට දුම්රියෙන් නිවසට පැමිණෙනවා. එය පහසුයි යැයි පුතා කියා තිබෙනවා. මෙම අනතුර දැනගෙන පාසලේ විදුහල්පතිවරයා මට දැනුම් දුන්නා.‘

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි කේ.කේ. ජුසාර් මහත්මිය මිය ගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.
අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය මිය ගිය පාසල් දරුවාගේ මරණය දුම්රිය අනතුරක් බවට නිගමනය කළේය.


පාසල ඇරී මිය ගිය ඉසුරුත් චම්ලිත්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment