රාජපක්ෂවරු කොටුකරන මහ නඩු 5ක්.


මහා පරිමාණයේ දූෂණ හා මිනිස් ඝාතනවලට අදාළ නීතිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණු ‍දෙ‍ාළහක් සම්බන්ධයෙන් කරුණු දැක්වෙන වාර්තාවක් ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

වහාම නඩු පැවරීමට අදාළ වන ලිපිගොනු පහක්ද එම කරුණු දොළහට ඇතුළත් වන බවද එම වාර්තා සඳහන් කරයි.

නීතිපතිවරයා සමඟ ඉකුත් සතියේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම කරුණු කාරණා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි වූ කරුණු පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමේදී කරුණු පැහැදිලි කරදී ඇත.

නඩු විභාග ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනතාව තුළ විවිධ අදහස් ප්‍රකාශ වීමත්, රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ප්‍රකාශ වීමත් ගැනද මෙහිදී කරුණු අනාවරණය වී තිබේ.

මාස දෙකකින් තීන්දු !

දැනට පවතින උසාවි පද්ධතිය තුළ ත්‍රිපුද්ගල හෝ ඊට වැඩි විනිසුරු මඬුල්ලක් හමුවේ අඛණ්ඩව නඩු විභාග කිරීමත් මාස දෙකක් ඇතුළත එම නඩු විභාග කර අවසන් කිරීමත් සිදුවිය යුතු බවට මෙම රැස්වීමේදී කරුණු දක්වා ඇත.

එම නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනා මසක පමණ කාලයක් තුළ අවසන් කළ හැකි වන බවද මෙහිදී පෙන්වා දී ඇත.

ඉදිරිපත් කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කිරීමට නීතිපතිවරයා එකඟත්වය පළකර ඇති බවද දැනගන්නට ඇත.

පසුගිය කාලයේ අධිකරණයට ඇඟිලි ගැසීම් සිදුවී ඇති බවට මෙහිදී නීති අංශ පෙන්වාදුන් බවද වාර්තා වේ.

මේ මස අවසන් වීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවද දැනගන්නට ඇත.

මැතිවරණයකට පෙර :

අගෝස්තු මාසය දේශපාලන වශයෙන් රට තුළ වැදගත් සිදුවීම් සිදුවන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේවනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්ද කර තිබිණි.

එසේම, මෙම අධිකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ද එජාපය තීන්දු කර ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය මේ වසර අගදී හෝ ලබන වසර මුලදී පැවැත්වීමට ආණ්ඩුව මේවනවිට සැලසුම් සකස්කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment