බදු නොගෙව්වොත් නීතිය හමුවට - අලුත් බදු පනත පාර්ලිමේන්තුවට

බදු නොගෙව්වොත් නීතිය හමුවට - අලුත් බදු පනත පාර්ලිමේන්තුවට


නව බදු පනත ගෙන ඒමේ ප්‍රමුඛ අපේක්ෂාව රාජ්‍ය බදු ආදායමේ 80%ක් ලෙස සටහන් වූ වක්‍ර බදු ප්‍රතිශතය 60% දක්වා අඩුකර 20%ක පැවති ඍජු බදු ප්‍රතිශතය 40% දක්වා ඉහළ නැංවීම බවත් ඒ හේතුවෙන් මෙතෙක් වක්‍ර බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන රැසක් හිමිවන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම මේ වන විට පවතින දේශීය ආදායම් බදු පනත හරහා නොගෙවා පැහැර හරිනු ලබන බදු සඳහා සහන ලබා දීමට සහ එම බදු නොගෙවීමට අවස්ථාව සැලසීමට විෂය භාර අමාත්‍යවරයාට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ලබා දී තිබූ අවස්ථාව මුළුමනින්ම අවුරාලන්නට නව පනත තුළ කටයුතු කර ඇති බව ද පෙන්වා දෙයි.

තව ද බදු ප්‍රතිපත්තියෙහි විනිවිදභාවය වැඩි කිරීම, බදුවල සංකීර්ණ බව අඩුකිරීම හරහා ව්‍යාපාරවල පහසුව වර්ධනය කිරීම,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු තොරතුරුවල, එකතුකිරීමේ සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම, දේශීය වටිනාකම් ජාත්‍යන්තර වටිනාකම් සමඟ සම්බන්ධ කර අපනයනය මූලික කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම, ඉලක්කගත සූත්‍ර හරහා සඳහා බදු අනුපාත විශාල වශයෙන් අඩු වෙනු ඇත, නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පැහැදිලි කාලයක් ලබා දීම,යෝග්‍යතා සහ ආදායම් උත්පාදනය මත පදනම්ව ඍජු බදු වැඩිකිරීම ඇතුළු නූතනත්වයට ගැළපෙන සහ ඵලදායී යෝජනා රැසක් අන්තර්ගත කර ඇති බව ද වාර්තා වෙයි. කෙසේ වුවත් මේ වන විට නව ආදායම් බදු පනත සම්බන්ධව මිත්‍යා ප්‍රචාර රාශියක් ඉදිරිපත් වී ඇති බවත් ඒ තුළ සමාජය තුළ දැඩි කතා බහකට ලක් වී තිබෙන ආගමික ස්ථානවලින් බදු අයකිරීම,කලාකරුවන් සඳහා බදු පැනවීම වැනි යෝජනා කිසිවක් නව පනතේ අඩංගු නොවන බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට අමතරව වයස 18 ඉක්මවන සෑම පුරවැසියෙකුටම බදු අංකයක් ලැබීම සෑම අයෙකුගෙන්ම බද්දක් අයකර ගැනීමට වන සුදානමක් ලෙස වැරදි අදහසක් සමාජ ගත කර ඇති බවත් වසරකට මිලියන 1.2 නොඉක්මවන කිසිවකු වෙතින් බදු අයකර ගැනීමක් මේ හරහා සිදුනොවන බව ද වැඩිදුරටත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ වුවත් මේ වන විටත් සමාජය හමුවේ නව ආදායම් බදු පනතට එරෙහිව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශ පිටුපස සිටින්නේ ඍජු බදු ගෙවීමට තරම් ඉහළ ආදායමක් සහිතව සිටින නමුත් මේ වනතෙක් බදු දැලට අවාරණය නොවී සිටින පාර්ශ්ව බව සඳහන් කරන මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරියේ දී මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හරහා මේ අසත්‍ය ප්‍රකාශවලට පිළිතුරු සැපයීමට කටයුතු කරන බවය.
කාශ්‍යප කොතලාවල

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment