නාමල්, පොලිස්පතිත් එක්ක අධිකරණයට යන්න ලෑස්තියි.


පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරියෙකුට තමන් තර්ජනය කළ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම ඒ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම විමර්ශනයකට තමන් ලෑස්ති බවත ඕනෑම අධිකරණයට තමන් යෑමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම  අහින්සක පුද්ගලයෙකුට පහරදුන් පොලිස්පතිවරයාද තමන් සමග එසේ අධිකරණයට යෑමට පැමිණිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

"මේ කතාව අමූලික බොරුවක්. මම මාස හයකින් පමණ මූල්‍ය අපරාධ ඒකකයට ගිහින් නෑ. පොලිස්පති පොලිස් මූලස්ථානයේදී පුද්ගලයෙකුට පහරදීමෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක සිදුවීම ජනතාවට අමතක කිරීම සඳහා මෙම කතාව නිර්මාණය කර තිබෙනවා. මම කිසිවිටකත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර නෑ.

මේ පිළිබඳව මම ඕනෑම අධිකරණයකට යෑමට ලෑස්තියි. හැබැයි අහින්සක පුද්ගලයෙකුගේ කන පැලෙන්න ගහපු පොලිස්පතිත් මාත් සමග අධිකරණයට යන්න එන්න ඕන" යැයි ඔහු සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment