විශේෂ අධිකරණ හරහා රාජපක්‌ෂ පවුල දඩයම් කරන්න හදනවා… Ceylon News 24x7 12:34:00 PM News Edit රාජපක්‌ෂ පවුලේ අයට විරුද්ධව නඩු අසා දඬුවම් කිරීමට විශේෂ අධිකරණයක් ඇති කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව හැකියාවක් නැතැයි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. ඊයේ (16) පැවති ඒකාබද්ධ විපක්‌ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළේ මෙවැනි ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නීති පද්ධතිය සම්බන්ධයෙන් දැනුමක් නැති කණ්ඩායම් විසින් බවයි.එම ප්‍රකාශ වලට හේතු වි ඇත්තේ ප්‍රශ්නවලට තිබෙන එකම විසඳුම ලෙස රාජපක්‌ෂ පවුල දඩයම් කිරීම ආණ්‌ඩුවේ එකම අරමුණ බවද ඔහු සදහන් කළා. කෙසේවෙතත් ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා සදහන් කළේ පවතින නීතිය යටතේ පිහිටුවන විශේෂ අධිකරණ ක්‍රමය මගින් දිනපතා නඩු ඇසීමෙන් පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණවලට අදාළ එක නඩුවක් මාස දෙකක් තුළ විභාග කර අවසන් කිරීමට හැකි බවයි. අවශ්‍ය නම් එක නඩුවක් උදයවරුවේත් තවත් නඩුවක් සවස් වරුවේත් විභාග කළ හැකි බව ද කී ඇමැතිවරයා නඩු තීන්දු ඇපිල් කර නැවත විභාග කළ ද වසරක් ඇතුළත සියල්ල අවසන් කර ගත හැකි බවද ඔහු සදහන් කළා. පවතින නීතිය යටතේ නඩුවක් විභාග කර අවසන් කිරීමට වසර දහයක් ගතවන බව කී ඇමැතිවරයා මෙම වංචා දූෂණ නඩු මේ විදිහට ඇසුවොත් 2020 න් පසුව ඉතිරි ටික විභාග කෙරෙනුයේ රාජපක්‍ෂවරුන් යටතේ බවද කියා සිටියේය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment