ඔබාමාගෙන් ලොව හොල්ලන ට්විටර් පණිවුඩයක්

ඔබාමාගෙන් ලොව හොල්ලන ට්විටර් පණිවුඩයක්

දින කිහිපයක් ඇතුළත එම ට්වීටය මිලියන 3 ක් ඉක්මවා කැමැත්ත (ලයික්ස්) ලබාගත්තේ අලුත් ලෝක වාර්තාවක් තබමිනි. පසුගිය අගෝස්තු 13 වැනිදා ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ ඇතිවූ වාර්ගික කලබලවලින් අනතුරුව නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, වෙනස් ජනවර්ගවලට අයත් දරුවන් සමග සිටින ඡායාරූපයක් බරාක් ඔබාමා පළ කළේ මෙම ට්වීට් සටහන තබමිනි.
"No one is born hating another person because of the colour of his skin or his background or his religion.

’‘කිසිවෙක් තමන්ගේ සමේ වර්ණය හෝ පසුබිම හෝ ආගම නිසා තවකෙකුට වෛර කරමින් ඉපදෙන්නේ නැත.”

මීට පෙර එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේදී අරියානා ග්‍රාන්දේ ප්‍රසංගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ලයික්ස් ලක්ෂ 27 ක් දිනාගත් "Broken. From the bottom of my heart, I am so so sorry. I don't have words." ට්වීටයට ඉක්මවා බරාක් ඔබාමාගේ මෙම ට්විටර් පණිවුඩය වැඩිම කැමැත්තතක් දිනාගෙන තිබේ.

ඔබාමා සැබවින්ම ලියා තිබුණේ වාක්‍ය 3ක ට්වීට් මාලාවකි. එහි දෙවැනි ට්වීටය මෙසේ ය.
"People must learn to hate, and if they can learn to hate, they can be taught to love, for love comes more naturally to the human heart than its opposite."

“මිනිසුන් වෛර කරන්නට ඉගෙන ගත යුතුය. ඔවුන්ට එය ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කරන්නට ද ඉගෙන ගත හැකි විය යුතුය. මන්ද, ආදරය වෛරයට වඩා ස්වභාවිකව මිනිස් හදවතට පැමිණෙන බැවිනි.”

ඔබාමාගේ මෙම දෙවන ට්වීටය සහ ඉන් පසුව ඔහු කළ තුන්වැනි ට්වීටය ලයික්ස් තුන්ලක්ෂ පණස් දහසකට වඩා ලබාගෙන තිබිණි.

අරියානා ග්‍රාන්ද්ගේ ට්වීටයට පෙර ට්වීට් ලෝකයේ වැඩිම කැමැත්තක් දිනාගත් ට්වීටය බවට පත්ව තිබුණේ ඇමරිකානු ටෙලිවිෂන් තරුවක් වන එලන් ඩී ජෙනරස් විසින් 2014 ඔස්කා සම්මාන උළෙලේදී ලබාගත් සමූහ සෙල්ෆියයි.

එය ලයික්ස් ලක්ෂ 24 ක් ලබාගෙන තිබිණි. ඔබාමාගේ මෙම ඓතිහාසික ට්වීටයත් සමග අරියානාගේ ට්වීටය දෙවැනි තැනටද ඩි ජෙනරස්ගේ ට්වීටය තෙවැනි තැනට ද පත් වේ.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment